Monday, October 23, 2017

ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර ගාථාව හා එහි තේරුම




ඕනෑම පූජණීය ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපිට නළල, වැලමිට දෙක හා දෙදණ යන අංග 5 පොළොවේ ස්පර්ශ කර (හෙවත් පසඟ පිහිටුවා) මෙම ගාථාවෙන් එම උත්තමයන් වහන්සේට වන්දනා කිරීම කරන්න.

සීලවන්තං ගුණවන්තං – පුඥ්ඥං කෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්දං – පස්සිතුං වන්දිතුං වරං
සාරිපුත්තාදි ථේරානං – ආගතං පටිපාටියා
සද්ධා ශීලං දයා වාසං – බුද්ධ පුත්තං නමාමහං

මෙමා සිදු කල සියලු පින් පල සමිදු ගුණයට එකතු වේවා
සුසිල් දිවියේ පිරූ අපමණ කුසල් සම්පත් මට ලැබේවා
නොදැන වූ යම් දොසක් වේ නම් නොදත් මා හට කමා වේවා
පිරූ ගුණ සිල් දම් බෙලෙන් හිමි සසුන් ගුණයේ නිරත වේවා

සාදු  සාදූ  සාදූ

සිලවත් වූ ගුණවත් වූ – උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ – පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ සැරියුත් මහරහතන් වහන්සේ ආදී – උත්තමයන්ගෙන් පැවත එන්නාවූ ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු – බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.


No comments:

Post a Comment