Monday, October 23, 2017

මුළු ත්‍රිපිටක පරිවර්තනයම PDF ලෙස බා ගත( Download) කර ගැනීමට පිවිසෙන්න

මුළු ත්‍රිපිටක පරිවර්තනයම PDF ලෙස 60MB පමණයි. ගෞරවයෙන් යුතුව පරිහරණය කරන්න -> https://www.mediafire.com/folder/6mm7xm9doa0r3/
දවසකට සූත්‍රය බැගින් කියවමු. ධර්මයේ වේශයෙන් පැතිරෙන අධර්මය වෙන් කර හඳුනාගැනීමට එය උපකාර වේවි.
අන්තර්ජාල පහසුකම් නැති අයට CD වලට කොපි කර බෙදා හරිමු.
පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සකල ලෝක සත්වයා කෙරිහි පතල මහා අනුකම්පාවෙන් ඕනෑම ගිහි හෝ පැවදි ශාරවකයෙකුට පහසුවෙන් වටහාගත හැකි පරදී ඉතාමත්ම සරල සිංහලෙන් පරිවර්තනය කල ත්‍රිපිටක පොත් වහන්සේලා බා ගත( Download) කිරීමට පිවිසෙන්න.
http://darmadanaya.blogspot.com/2013/02/blog-post.html
එසේම උන්වහසේ විසින් රචනා කල අමුර්තය බඳු වූ අනෙකුත් වටිනා දහම් පොත්පත් සහ සූත්‍ර දේශනා සරලව විස්තර කරමින් පැවැතුවූ ධර්ම දේශනා ආදියත් මෙමෙ වෙබ් අඩවිය මඟින් බා ගත( Download) කර ගත හැක
බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි ඇතුළු ධර්ම විනය උගත් පණ්ඩිත මහ ස්ථිවරයන් වහන්සේලාගේ අනුශාසකත්වය මත සකස් කෙරුණු දශක හයකට අධික දීර්ඝතම කාලයක් තිස්සේ භාවිතයේ පවතින ඒ. පි. සොයිසා ත්‍රිපිටක සිංහල පරිවර්තනය.
සිංහල හා පාළිය යන දෙකම එක් කර, unicode අකුරු ලෙස සකසා අන්තර්ජාලය ඔස්සේ ද ලබාගත හැකියි. පිටක.lk -> http://pitaka.lk/ (විනය හා අභිධර්මය තවම ඇතුල් කර නැත)
ඔබගේ වැදගත් අදහස් හා යෝජනා අපට දන්වන්න -> admin@pitaka.lk
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව සහ ඒ. පි. සොයිසා ත්‍රිපිටක සිංහල පරිවර්තනය එකවර බා ගත( Download) කර ගැනීමට පිවිසෙන්න
http://www.buddhistvision.net/p/thripitaka.html
සසර දුක් ගිනි නිවීම පිණිස ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ, මෙලෙස සිංහල භාෂාවට පරිවර්තනය කළ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව යුනිකේතයට (යුනිකෝඩ්) හරවා උතුම් වූ ධර්ම දානයක් ලෙස සදහම් පිපාසාවෙන් සිටින සියළුම දෙනාගේ හිත සුව පිණිස අන්තර්ජාලයට එකතු කිරීම අපගේ පරම චේතනාවයි. සූත්‍ර ධර්ම දේශනා ඉතා පහසුවෙන් මෙය තුලින් සොයාගත හැකි අතර මෙය සූත්‍ර නාමාවලියකින්ද යුක්තය.
http://www.thripitakaya.org/
මේ තරම් සරල නැති බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවද මිට පෙර අප විසින් බෙදා හරින්නට යෙදුනි. 900 MB වන එය මෙතැනින් ලබා ගන්න -> https://www.mediafire.com/folder/najd8hdk6bqqf/
එම බුද්ධ ජයන්ති ත්‍රිපිටක මෘදුකාංගයක් ලෙස අන්තර්ජාලය ඔස්සේ දැන් ලබාගත හැකිය.
http://pitaka.lk/bjt/
ඕනෑම පරිගණකයක භාවිතා කිරීමට සුදුසු වන පරිදි සකසා ඇති මෙම මෘදුකාංගයෙන් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ සූචිය සිංහල හෝ ඉංග්‍රීසි අකුරු යොදාගෙන search කිරීමටත්, ලැබෙන ප්‍රතිඵල මත click කිරීමෙන් ග්‍රන්ථයේ අදාළ ස්ථානයට පහසුවෙන් ගමන් කිරීමටත් හැකියාව ඇත.
මෙම මෘදුකාංගය පරිගණකයට භාගත (download) කරගෙන අන්තර්ජාලය නොමැතිවත් භාවිතා කිරීමට හැකිලෙස සකසා ඇත.පරිගණක භාවිතා කරන සිව්වනක් පිරිස අතර හැකිතාක් පිරිසිදු ත්‍රිපිටක ධර්මය ප්‍රචලිත කරමු.
ධර්ම දානය අනුමෝදන් වීම පිණිස හැකිතාක් බෙදා දෙන්න.
මිලින්ද නමැති ග්‍රීක රජු සහ නාගසේන මහරහතන් වහන්සේ අතර ඇති වූ ධර්ම සංවාදය ඇසුරෙන් ලියවුනු මිලින්ද ප්‍රශ්නය පොත කියවමු -> http://www.mediafire.com/…/Sarala_Sinhala_Milinda_Prashnaya…
රේරුකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ පොත්, දහම් පාසල් පෙළ පොත්, බුද්ධ චරිතය පින්තුර, අභිධර්ම පොත්, විශුද්ධි මාර්ගය, ජාතක කතා පොත්, පිරිත් පොත් ඇතුළු බෞද්ධ පොත් සංචිතය -> https://www.mediafire.com/folder/7er85ae44wr67

Budu Maga

3 comments: